කේරළ ගංජා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

මාධව කුලසූරිය - වවුනියාව

0 22

කේරළ ගංජා ජාවාරමේ නිරතවූ පුද්ගලයෙකු කේරළ ගංජා තොගයක් සමඟ මන්නාරම විශේෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකය මඟින් ඊයේ(13) අත්අඩංගුවට ගෙන ඇති බව තලෙයිමන්නාරම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදවාගෙන සිදුකළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 8 ග්‍රෑම් 619ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් බැව්ද පොලිසිය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් තලෙයිමන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

 

Hits: 0

You might also like
Comments
Loading...