මොනරාගල කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව උඩවලව වනෝද්‍යාන භූමියේ ගොමගල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී ගංජා හේනක් වටලා තිබෙනවා.
එම ගංජා හෙනේ සරුවට වගා කර තිබූ අඩි දෙකක් පමණ උස ගංජා ගස් 3500කට වඩා තිබී ඇති අතර එහි වටිනාකමක රුපියල් ලක්ෂ දහයකට අධික බව පොලිසිය පවසන්නේ.
වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මකයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.
Hits: 0