ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමේ උත්සාහයක්

බුද්ධි අංශවලට ලද තොරතුරුත් සමග තමිල්නාඩුවේ ආරක්ෂාව තර කරයි

0 32

ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් රාමේශ්වරන් වෙරල තීරය හරහා ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට ඉන්දීය බුද්ධි අංශවලට අනාවරණයවීමත් සමග තමිල්නාඩු ප්‍රාන්තයේ හා කේරලයේ ආරක්ෂාව තර කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ කන්‍යාකුමාරි, තූත්තුකුඩි, රාමේෂ්වරම් සහ චෙන්නායි යන නගරවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.

තමිල්නාඩු ප්‍රාන්ත පොලීසිය සහ එරට මධ්‍යම බුද්ධි අංශය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා. 

ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බව ඉන්දීය මධ්‍යම බුද්ධි අංශය විසින් පසුගිය සෙනසුරාදා පස්වරුවේ අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

සන්නද්ධ ක්‍රියාකාරීන් රැගත් බෝට්ටුවක් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කරමින් තිබෙන බවට එම බුද්ධි අංශ තොරතුරුවලින් පැවසෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් IANS ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය පවසන්නේ මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් නිශ්චිත අනන්‍යතාවයක් හෝ ඔවුන් අයත් සංවිධානයක් සම්බන්ධයෙන්ද නිශ්චිත තොරතුරු මෙතෙක් ලැබී  නොමැති බවයි. 

චෙන්නායි ප්‍රාන්ත පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පවසා ඇත්තේ එවැනි අනතුරු ඇඟවීමක් ඇති නමුත් තමාට ඊට වඩා වැඩි යමක් හෙළි කළ නොහැකි බවයි. 

කෙසේ වෙතත් ප්‍රාන්තය රජය හරහා වෙරළබඩ ප්‍රදේශ කරා යන සියලුම ප්‍රධාන මාර්ගයන් හරහා සන්නද්ධ පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ. 

එසේම පොලිසිය ආරක්ෂක විධිවිධාන වැඩි කිරීමත් සමගින් තමිල්නාඩු වෙරළට ළඟාවීමට දරණ ඕනෑම උත්සායක් ව්‍යර්ත කරලීම සඳහා වෙරළාරක්සක මුර සංචාර ඒකකය විසින් තවත් නාවික නැව් යොදවා ඇති බවද  මාධ්‍ය අනාවරණ කරනවා. 

මේ අතර කේරළ පොලිසියේ බුද්ධි අංශ ආරංචි මාර්ග පෙන්වා දී ඇත්තේ ලද තොරතුරු අනුව ඔවුන්ද වෙරළබඩ නගරයන්හි ආරක්ෂාව තර කර ඇති බවයි. 

 

 

You might also like
Comments
Loading...