X-Press Pearl නැවේ කපිතාන් CID අත්අඩංගුවට

0 23

කොළඹ වරායට නුදුරින් පසුගියදා ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් (X Press Pearl) නෞකාවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

කපිතාන්වරයා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ. 

අත්අඩංගුවට ගැනුණු රුසියානු ජාතික කපිතාන්වරයා කොළඹ අංක 1 දරණ මහාධිකරණයට අද(14) ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

මුහුදේදී සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් නඩු  විභාග කිරීමේ අනන්‍ය අධිකරණ බලය කොළඹ මහාධිකරණය වෙත පැවරී ඇති බැවින් සැකකාර කපිතාන්වරයා එම අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ. 

 

X-Press Pearl නැවේ කපිතාන් CID අත්අඩංගුවට

Hits: 0

You might also like
Comments
Loading...