කොවිඩ් මරණ 2250 ඉක්මවයි – සමස්ත ආසාදිතයන් ගණන 225000 ඉක්මවයි

0 5

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 2260ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද(14) දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 57ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගින්.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ එම මරණයන් ඊයේ(13) දිනයේදී සිදුව ඇති බවයි.

අද දිනයේදී තහවුරු කරන ලද මරණ 57 අතරින් 25 දෙනෙක් කාන්තාවන් වනවා.

එසේම වයස අවුරුදු 30ට අඩු අයෙකද මරණ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලැබූ නිවේදනයේ දැක්වෙන්නෙ.

මේ අතර අද(14) දිනයේදී මෙරටින් වාර්තා වන දෛනික සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2284ක් වනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 225,922ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර අද(14) පෙරවරු 10න් අවසන් පැය 24ක කාලය තුළදී කොවිඩ් 19 ආසාදිතව රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 1917 දෙනෙක් සුවය ලබා පිටව යාමත් සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 190,464ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට තවත් ආසාදිතයන් 33,255 දෙනෙක් රෝහල්වල සහ අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අද(14) උදේ 10 වන විට රෝහල්ගත කර ඇති කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් සංඛ්‍යාව 1381ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

You might also like
Comments
Loading...