යාපනය, නාගදීප දූපතේ දකුණු වෙරළ සීමාවට වෛද්‍ය රසායනාගාරවලින් ඉවතලන අපද්‍රව්‍ය රැසක් ගොඩගසා ඇති බව නාගදීප දූපත් ජනතාව පවසනවා.
දූපත් ජනතාව පැවසූවේ එන්නත් කටු, සේලයින් බෝතල්, රුධිරය ලබාගන්නා වෛද්‍ය උපකරණ, ඖෂධ රැඳවුම් ඇතුළු වෛද්‍ය රසායනාගාර අපද්‍රව්‍ය රැසක් එලෙස ගොඩගසා තිබූ බවයි.
අදාළ අපද්‍රව්‍ය ඉන්දියාවේ සිට මුහුදු මඟින් මෙරටට ගසාගෙන එන්නට ඇති බවට යාපනය ජනතාව සැක පළකරනවා.
සිදුවීම සම්බන්ධයෙන් ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන්ට දැනුම්දී ඇති බවද නාගදීප දූපත් ජනතාව සඳහන් කර සිටිනවා.
Hits: 1