2021 උසස් පෙළ සහ ශිෂ්‍යත්වය කල්යාමේ අවදානමක්

0 34

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමග පාසල් වසා දැමීම හේතුවෙන් 2021 උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම කල් යාමේ අවදානමක් මතුව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ඇතුළු අදාළ බලධාරීන ්සමග සාකච්ඡා කර නිශ්චිත දින වකවානු තීරණය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යංශය පවසනවා.

මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටියේ සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් හෙට(16) දිනයේ පැවැත්වෙන බවයි.

ඊට පළාත් අධ්‍යක්ෂවරුන්, සෞන්දර්ය අධ්‍යක්ෂවරුන්, විභාග දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් එක්වීමට නියමිතයි.

එසේම කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රශ්න පත්‍ර ඇගැයීමේ කටයුතුවලටද බාධා මතුව තිබෙනවා.

මේ අතර උසස් පෙළ 2020 නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීමද කඩිනමින් අරඹන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ.

 

Hits: 3

You might also like
Comments
Loading...