විවාහ මංගල්ලයක් පැවැත්වු 16 දෙනෙක් නිරෝධායනයට

මාධව කුලසූරිය - වවුනියාව

0 27

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් යාපනය ගුරුනගර් ප්‍රදේශයේ විවාහ මංගල්ලයක් පැවැත්වු 16 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට ඊයේ(14) කටයුතු කළ බව යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසනවා.

එම පුද්ගලයන් 16 දෙනා විවාහ මංගල්ලය පැවැත්වූ නිවසේදීම නිරෝධායනය සිදුකිරීමට පියවර ගත් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් වැඩිදුරටත් කියා සිටියේ.

ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂා කිරීමකදී අදාළ පිරිස නිරෝධායන නීති අනුගමනය නොකරමින් විවාහ මංගල්ලය පැවැත්වීම හේතුවෙන් නිරෝධායනයට යොමුකොට කර තිබෙනවා.

සිදුවීම සමබන්ධයෙන් යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Hits: 0

You might also like
Comments
Loading...