වැලිගමදී ඇල්ලූ හෙරොයින් හරක් කටාගේ

තවත් දෙදෙනක් අත්අඩංගුවට - 11 දෙනෙක් දින 7ක් රඳවා තබාගැනීමට අධිකරණයෙන් අවසර

0 45

පසුගියදා වැලිගමදී හෙරොයින් කිලෝ 219ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 11 දෙනා දින හතක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින්.

මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ(14) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම සැකකරුවන්ද රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි පොලිසිය පවසන්නේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය මේ වන විට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටා නමැත්තා විසින් මෙහෙයවන ලද ජාවාරමක් බවටද මේ වන විට කරුණු අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

වැලිගමින් ගොඩබිමට ගෙනඒමට උත්සාහ කළ කුඩු කිලෝ 219ක් අල්ලයි

Hits: 1

You might also like
Comments
Loading...