පවුල් 580කට යන්න තියෙන එකම පාර සම්පූර්ණයෙන්ම අබලන්

ජයන්ත වීරසේකර - වැල්ලවාය

0 152

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ආනපල්ලම ග්‍රාම නිලධාරී වසමේ තුනේ කණුව සැනසුම වැව මාර්ගය භාවිතයට ගන්නා පවුල් 580කට අයත් පුද්ගලයන් 2000කට වැඩි ප්‍රමාණයක් මාර්ගයේ අබලන් තත්ත්වය හේතුවෙන් දැඩි පීඩාවකට පත් වී තිබෙනවා. .

මීට වසර දෙකකට පෙර මෙම මාර්ගය රුපියල් ලක්ෂ පහක් වැය කර සංවර්ධනය කර තිබුනද එම සංවර්ධන කටයුතු නිසි ආකාරයෙන් සිදු කර නොමැති නිසා එම මුදල් විනාශ වී ඇති බවයි ප්‍රදේශයේ ජනතාව පවසන්නේ.

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට යම් ආකාරයකින් බාධාවක් පැමිණියහොත් භාවිතයට ගත හැකි එකම විකල්ප මාර්ගය වන්නේද මෙම මාර්ගයයි.

මේ වන විට මෙම මාර්ගයේ විශාල ප්‍රමාණයේ වළවල් සැදී ඇති අතර වාහන ධාවනය කෙසේ වෙතත් මෙම මාර්ගයේ පයින් ගමන් කිරීමට පවා නොහැකි බව ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙනවා.

කෘෂිකාර්මික සහ ගඩොල් කර්මාන්තය ජීවනෝපාය කරගත් මෙම ප්‍රදේශයේ ජනතාව මෙම මාර්ගයේ අබලන් තත්ත්වය නිසා දැඩිලෙස අසරණ වී තිබෙනවා.

හැකි ඉක්මනින් මෙම මාර්ගය ගමනාගමනයට සුදුසු පරිදි සකසා දෙන මෙන් ප්‍රදේශයේ ජනතාව බලදාරින්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

Hits: 1

You might also like
Comments
Loading...