තෝරාගත් දිස්ත්‍රික් මහ රෝහල් 9ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මෙතෙක් කලක් එම රෝහල් පළාත් සභා මගින් පාලනය වූවා.
එලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙ ්පාලනය යටතට පත් කෙරෙන රෝහල් වන්නේ මාතලේ, නාවලපිටිය, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, ගම්පහ, මන්නාරම වව්නියාව, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික් මහ රෝහල්.
කොළඹ ජාතික රෝහලේ පවතින වෛද්‍ය ප්‍රතිකාර, ශල්‍යාගාර සහ රසායනාගාර පහසුකම්වලට සමාන පහසුකම් ලබාදෙමින් සෑම දිස්ත්‍රික්කයකම තෝරා ගත් එක් රෝහලක් වැඩිදියුණු කිරීමේ සැලසුම යටතේ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසිනි.
Hits: 0