මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මවුස්සාකැලේ ජලාශයේ එක් වාන් දොරටුවක් ඊයේ(14) රාත්‍රි 12 සිට (15) දින අලුයම 5 දක්වා විවෘත කර පසුව එම වාන් දොරවුට වසා දැමූ බව එම ජලාශ භාර ඉංජිනේරුවෙකු කියා සිටියා.
2018 වසරේ අවසන්වරට එම ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කිරිමෙන් පසු 2021 වසරේ එම ජලාශයෙන් එක් වාන් දොරටුවක් ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න විම නිසා විවෘත කල බවයි එම ඉංජිනේරුවරයා කියා සිටියේ.
මේ අතර කාසල්රි ජලාශයද පිටාර මට්ටමට ආසන්න වී ඇති බවත්, එය පිටාර මට්ටමට පැමිණිමට අඟල් 12 ක් පමණ තිබෙන බවයි එම ජලාශ භාර ඉංජිනේරුවරයා කියා සිටියේ.
ජලාශ දෙකේම ජල මට්ටම ඉහල යාමත් සමග කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් සහ ලක්ෂපාන ජලාශයෙන් වාන් දොරටු දෙකක් ඊයේ(14) සිට විවෘත කර තිබෙනවා.
ජලාශ දෙකේම ජල ධාරිතාව ඉහළ යාමත් සමග කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාර විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි විදුලි බලාගාර ඉංජිනේරුවන් කියා සිටියේ.
Hits: 0