පිලිපීනයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට තාවකාලික සංචාරක තහනමක්

0 12

රටවල් කිහිපයක පුද්ගලයින් සඳහා පිලිපීනය පනවා ඇති සංචාරක තහනම ජුනි මස 30වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා.

මෙම රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්. 

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයට මෙම සංචාරක තහනම බලපැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අදාළ රටවල පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම පියවරගෙන ඇති බවයි පිලිපීන ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ.

Hits: 0

You might also like
Comments
Loading...