නිරෝධායන නීතිරීති උල්ලංඝනය කළ පුද්ගලයින් 1356 ක් ඊයේ (14) දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 33,949 ක්.
නිරෝධායන රිතී කඩ කිරීම් සම්බන්ධව වැඩිම පිරිසක් අත්අඩංගුවට පත් වූ දිනය බවට ඊයේ(14) දිනය පත්ව තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගන්නා ලද පිරිස අතරින් වැඩිම සංඛ්‍යාවක් මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සංඛ්‍යාව 146ක්.
මේ අතර මහනුවරින් 134 දෙනෙක් සහ කුලියාපිටියෙන් 116 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Hits: 2