ජුනි 21 රට විවෘත කරනවාද? නැත්ද? තීරණය කරුණ විශ්ලේෂනයෙන් පසුව

0 29

ජුනි මස 21 වනදා රට විවෘත කරනවාද? නැද්ද? යන්න තීන්දු කිරීමට සිදුවන්නේ 19, 20 වැනි දිනයක සියලු කරුණු විශ්ලේෂණයෙන් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද දින (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

සමහර විටෙක අපගේ බලාපොරොත්තුව රට විවෘත කිරීම විය හැකි බවත් එම බලාපොරොත්තුව සාධක සමග ගැටෙන බැවින් එම සාධක ඊළග දින කිහිපය තුළ යම් සාධනීය තත්ත්වයකට හැරේ නම් සාධනීය ලෙස සිතිය හැකි වුවත් එසේ නොමැති නම් එයට සරිලන ආකාරයේ තීන්දුවක් ගතයුතු බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

මෙම අවස්ථාවේ තීන්දුවක් ගෙන ඒ වන විට තත්ත්වය දැඩි ලෙස බරපතල වුවහොත් පෙර ගත් තීන්දුවේම එල්ඹ සිටීම නිවට ක්‍රියාවක් බවද, තීන්දු තීරණ ගැනීමට සිදුවන්නේ පැහැදිලිවම එම අවස්ථාවේ ඇතිවන තත්ත්වයන් තීරණය කරමින් බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා. 

මෙම අවස්ථාවේදී ඉදිරි දැක්මක් සහිතව තීන්දු තීරණ ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත්තේ මෙය බරපතල මෙන්ම ඉතාමත් අනපේක්ෂිත ලෙස විවිධාකාරයෙන් විවිධ අවස්ථාවන් වල ක්‍රියාත්මක වන ස්වරූපය නිසා බවයි අමාත්‍යවරයා සිහිපත් පෙන්වා දුන්නේ.

මෙම දිනවල සංකීර්ණ තීන්දු ලබාදෙන බවට ඇතමුන් චෝදනා කළද, මෙම මොහොතේ මුළු ලෝකයම සංකීර්ණ බවද, මෙම වසංගත තත්ත්වය හමුවේ පෙර වඩාත් සාර්ථකත්වයක් පෙන්නුම් කළ ඇතැම් රටවල් පවා ඔවුන් බලාපොරොත්තු නොවූ ආකාරයෙන් නව ප්‍රභේදයන්ට මුහුණපෑමත් සමග වර්තමානයේ අසාර්ථකත්වයට පත්වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.

Hits: 0

You might also like
Comments
Loading...