පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබෙනවා.
අදාළ ලිපිය මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා වෙත එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් අද(16) පෙරවරුවේ භාර දුන් බවයි වාර්තා වන්නේ.
එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පුද්ගලයෙකු නම් නොකිරීමට දීර්ඝ කාලයක සිට එම පක්ෂය පියවර ගෙන තිබුණේ නැහැ.
කෙසේ වෙතත් පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඒ සඳහා යෝජනා කිරීමටයි පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත්තේ.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිසමේ එළඹෙන රැස්වීමට යෝජනා කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතයි.
ජුනි 18 වනදා මැතිවරණ කොමිසම රැස්වීමට නියමිතයි.
Hits: 1