ග්‍රාම නිලධාරී කොට්ඨාශයකට මිලියන දෙකක් ලබාදෙන මාර්ග සංවර්ධන වැඩසටහනට යෝජනා 20903 ක්

0 26

ග්‍රාම නිලධාරී කොට්ඨාශයකට මිලියන දෙකක ප්‍රතිපාදන වෙන් කරමින් ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022 හි ආරම්භ කරන ලද මාර්ග සංවර්ධන ව්‍යාපෘති වැඩසටහන සඳහා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය වෙත යෝජනා 20,903 ක් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසනවා.

කිලෝමීටර් එකකට අඩු ගමේ මාර්ගය ප්‍රමුඛතාවය මත පෙර නිමි කොන්ක්‍රීට් හෝ කොන්ක්‍රීට් කුට්ටි ගල් ඇතිරීම සඳහා රුපියල් මිලියන දෙකක මුදලක් ග්‍රාම නිලධාරී කොට්ඨාශයකට ලබාදෙනු ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාව පිටුදැකීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

ලැබී ඇති යෝජනා අතුරින් යෝජනා 5,991 ක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 5, 228 ක මුදලක් මේ වන විට නිදහස් කර තිබෙනවා.

අනෙකුත් යෝජනාද කඩිනමින් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කරමින් ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. 

මෙම මාර්ගය සංවර්ධනය කිරීමේදී වඩාත් ආර්ථික වටිනාකමක් ඇති, වැඩි පිරිසක් ගමනා ගමන කටයුතු සඳහා භාවිතා කරන, ප්‍රධාන මාර්ගයකට ප්‍රවේශ වන මාර්ගයක්, අතර මග නවතා දමා ඇති මාර්ගයක් ගමේ ජනතාවගේ අවශ්‍යතාවය මත ප්‍රමුඛතාවය දෙමින් සංවර්ධනය කරන ලෙස උපදෙස් ලබා දී  තිබෙනවා.

කොවඩ් 19 වසංගත තත්ත්වයට මුහුණ දෙමින් රටේ ආර්ථිකය හා සංවර්ධනය පවත්වාගෙන යාම රජයේ අරමුණ බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Hits: 1

You might also like
Comments
Loading...