පුදුකුඩිඉරිප්පුවේ පිපිරීමකින් කාන්තාවකට තුවාල

මාධව කුලසූරිය - වවුනියාව

0 82

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, ඉරනපලෙයි, ප්‍රදේශයේ ගෙවත්තක ඊයේ(15) සවස සිදුවු පිපිරීමකින් කාන්තාවක් තුවාල ලබා ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ ගෙවත්තේ කසළ ගොඩකට ගිනි තැබු අවස්ථාවේ අදාළ පිපිරීම සිදුව ඇති බවට මුලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය කොටගෙන ඇති බවයි.

අනතුරින් ඉරනපලෙයි, අම්මාන්කෝවිල, පස්වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි කාන්තාවක් තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ.

තුවාලලත් කාන්තාව මුලතිව් රෝහලට ඇතුළත් කොට ඇති අතර, ඇයගේ තත්ත්වය බරපතල නොවන බවද පොලිසිය කියා සිටියා.

කුණු ගොඩ තුළ තිබු කිසියම් පුපුරණ ද්‍රව්‍යයක් ගිනි ගැනීමෙන් පිපිරීම සිදුවන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Hits: 1

You might also like
Comments
Loading...