කිලිනොචිචිය, මලයාලපුරම්, පුදු අයියන්කන්කුලම වැවේ ගිලීමෙන් පුද්ගලයෙකු ඊයේ(15) සවස අතුරුදහන්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ සිය දරුවෙකු සමඟ වැවේ දියනෑමට ගිය පුද්ගලයෙකු එලෙස දියේ ගිලීමෙන් අතුරුදහන්ව ඇති බවයි.
කිලිනොච්චිය,පොන්නාලෙයි උතුර ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි මුත්තුලිංගම් අරුමේනාදන් නමැති පුද්ගලයෙකු එලෙස අතුරුදහන්ව ඇති බවද පොලිසිය පවසනවා.
දියේ ගිලුණු පුද්ගලයා සොයා ඊයේ(15) සවස පරීක්ෂණ පැවැත්වූ නමුත් අතුරුදහන් පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වූ බවයි ප්රදේශවාසීන් කියා සිටියේ.
දියේගිලුණු පුද්ගලයා සොයා ප්රදේශවාසීන්, යුධ හමුදා නිළධාරීන්, පොලිස් නිළධාරීන් වැඩිදුර පරීක්ෂා කිරීම් සිදු කරනු ලබනවා.
Hits: 0