සමගියේ පලාත් පාලන මන්ත්‍රීවරු 69ක් ඉවත් කිරීමේ ලිපිය මැතිවරණ කොමිසම පිළිගනී

0 22

සමගි ජනබලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂය නියෝජය කරන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 69 දෙනා ඉවත් කිරීම සම්බන්ධයෙන් දැනුම්දී යොමු කළ ලිපිය මැතිවරණ කොමිෂන් සභාව පිළිගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයෙ ්මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා.

පක්ෂයෙන් ඉවත් කරනු ලබන මන්ත්‍රීවරුන් වෙනුවට නවක මන්ත්‍රීවරුන් පත් කිරීම පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇතැයිද මහලේකම්වරයා කියා සිටියා.

මන්ත්‍රීවරුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ගෙන තිබූ තීරණය සනාථ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දුන් බව කියා සිටි රංගේ බණ්ඩාර මහතා, එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය අහෝසි කිරීම වළකවන ලෙස අදාළපළාත් පාලන මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ බවද සඳහන් කර සිටියා.

පක්ෂයට විරුද්ධව යන අයට නීතිය පැත්තෙන් අත්වන ඉරණම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් හොඳින්ම පෙන්නුම් කර ඇති බවද මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.

 

Hits: 2

You might also like
Comments
Loading...