මුලතිව්, මුල්ලිවයික්කාල් ධීවරයින්ගේ දැළක පැටලි විශාල ප්‍රමාණයේ බෝම්බයක් මුල්ලිවයික්කාල් වෙරළට ඊයේ(15) ගොඩගසා ඇති බව මුලතිව් පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ මුල්ලිවයික්කාල් බටහිර ධීවරයින් පිරිසගේ මාළු දැළක පැටලි අදාළ බෝම්බය වෙරළට ගොඩගසා ඇති බවයි.
යුධ සමයේ එල්.ටි.ටි.ඊ. සංවිධානය නාවික හමුදා බෝට්ටු පුපුරවා හැරීමට යොදා ගත් බෝම්බවලට සමාන බෝම්බයක් එලෙස දැළක පැටලී වෙරළට ගොඩගසා ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසනවා.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන සාමාජිකයින් යුධ සමයේ අදාළ බෝම්බ යොදාගෙන නාවික හමුදා යාත්‍රා විනාශ කිරීමට කටයුතු කොට ඇති බවයි ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කරන්නේ.
හමුවූ බෝම්බය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලිසිය කියා සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.
Hits: 1