නගර සභා මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවට

0 19

වී අලෙවි මණ්ඩලයට අයත් වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයේ ගබඩාවක සවිකර තිබූ යන්ත්‍රයක් සොරා ගැනීම සම්බන්ධයෙන් තවත් නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොලොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

අදාළ යන්ත්‍රය සොරා ගැනීම සම්බන්ධයෙන් මීට පෙර ද සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් දෙදෙනො අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

Hits: 0

You might also like
Comments
Loading...