කොන්දේසි කිහිපයකට යටත්ව සුපිරි වෙලෙදසැල් මගින් Online ක්‍රමය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශය විසින් අවසර ලබා දී ඇති බව සුරාබදු කොමසාරි ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසනවා.
මේ වන විට දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති හෙයින් Online ක්‍රමවේදය හරහා මත්පැන් අලෙවි කිරීමට කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනුමැතිය ලබාගැනීම පළමුව සිදුකළ යුතුව ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.
එක් පුද්ගලයෙකුට එක් වරකදී ඇණවුම් කිරීමට අවසර හිමිවන්නේ දේශීය මත්පැන් ලීටර් 05ක් හෝ විදේශීය මත්පැන් ලීටර් 12ක් පමණි.
මෙලෙස Online ක්‍රමවේදය ඔස්සේ උදෑසන 9 සිට පස්වරු 6.00 දක්වා මත්පැන් අලෙවි කිරීමට සුපිරි වෙළදසැල් සඳහා අවසර හිමිවනු ඇති.
Online ක්‍රමවේදය හරහා මත්පැන් අලෙවි කිරීමේදී කිසිදු අයුරකින් ප්‍රචාරණයක් සිදු කිරීම තහනම් වන අතර මත්පැන් අලෙවී කිරීමේදී එය සිදුකරන්නේ අවුරුදු 21කට වැඩි පාරිභෝගිකයින්ට බව තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක් සැකසිය යුතු බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
එසේම මත්පැන් ලබාදීම සිදුකළ යුතු අයුරු සම්බන්ධයෙන් වන ක්‍රමවේදය ඉදිරියේදී දැනුම් දෙන බවයි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් මත්පැන් අලෙවිසැල් විවෘත කිරීම මේ වන විට තහනම් කර ඇති අතර ඒ හේතුවෙන් නීති විරෝධී මත්පැන්වල අලෙවිය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වයන් සහ මහජනතාවගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින සුරාබදු දෙපාර්තමේන්තුව Online හරහා මත්පැන් අලෙවියට අදාළ යෝජනාව මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කර තිබෙනවා.
Hits: 2