තණමල්විල නිකවැව ප්‍රදේශයේ ඊයේ (15) සිදු කරන ලද වැටලීමකදී වියලි ගංජා කිලෝ තිහක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ 20 වන සිංහ රෙජිමේන්තුවේ යුද හමුදා නිලධාරීන් පිරිසක් එක්ව සිදු කරන ලද වැටලීමකදීයි.
අලෙවි කිරීම සඳහා පාර්සල් කරන ලද වියලි ගංජා තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් ගංජා තොගයේ වටිනාකමක රුපියල් ලක්ෂ විස්සකට අධික බවයි පොලිසිය පවසන්නේ.
වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි පිලිවෙලින් වයස අවුරුදු විසිහත,විසිඅට සහ විසිනවය යන වයස් වල පසුවන්නන් බවද පොලිසිය කියා සිටියා.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.
Hits: 0