X-Press Pearl නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ සභාපති CID අත්අඩංගුවට

0 14

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගත් X-Press Pearl නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ සභාපති අර්ජුන හෙටිටිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද පස්වරුවේ කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නෞකාව ආපදාවට ලක්වූ අවස්ථාවේදී කපිතාන්වරයා සමග මව් සමාගම සහ දේශීය නියෝජිතායතනය කරන ලද සන්නිවේදන පිළිබද සොයාබැලීමේදී අනාවරණ වූ තොරතුරු මත අර්ජුන හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

ඔහු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ඒ පසුගියදා අධිකරණය දුන් නියෝගයකට අනුවයි.

පෙරවරු 08.30ට පමණ පැමිණි ඔහු පැය දෙකකට අධික කාලයක් සිය ප්‍රකාශය ලබා දී තිබුණා.

You might also like
Comments
Loading...