නීති විරෝධීව ගෙනා වියලි කහ සහ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

0 26

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද වියලි කහ කිලෝග්‍රෑම් 370කට අධික ප්‍රමාණයක් සමඟ එම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සහ බීඩි කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 294කට අධික ප්‍රමාණයක් මන්නාරම, කොන්තපිඩ්ඩි සහ සිලාවතුර, අරිප්පු යන වෙරළ ප්‍රදේශය්නහි සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී ශ්‍රී ලංකා නාවික  හමුව භාරයට ගෙන තිබෙනවා. 

උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම කොන්තපිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ අද (16) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම ප්‍රදේශයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු (02) නිරීක්‍ෂණය කර සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට රැගෙන ඒමට උත්සාහ කළ උර 13ක අසුරන ලද වියලි කහ කිලෝ 370 ග්‍රෑම් 600ක පමණ ප්‍රමාණයක් සමඟ එම සැකකරුවන් දෙදෙනා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

තවද, වයඹ නාවික විධානය මඟින් අද (16) උදෑසන අරිප්පු වෙරළ තීරයේ සිදුකළ මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට රැගෙන ඒමට උත්සාහ කළ උර 03ක අසුරන ලද බීඩි කොළ (Kendu Leaves) කිලෝ 294 ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙම මෙහෙයුම් මගින් කොන්තපිඩ්ඩි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 සහ 37 යන වයසේ පසුවන මන්නාරම පල්ලේමුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන් නිරෝධායනය සඳහා මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

තවද, නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, බීඩි කොළ (Kendu Leaves) තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තැබීමට කටයුතු කර තිබෙනවා.

You might also like
Comments
Loading...