දවසකට කිලෝමීටර් 4-5 කඳු නැග Online අධ්‍යාපනය හොයන දරුවෝ

ඉන්දික අරුණ කුමාර - නාඋල

0 39

මාතලේ – නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් අඹන – වැල්ගාල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසක පාසල් වයසේ පසුවන දරුවන් 2000 කට පමණ දුරකතන සංඥා අහිමිවීමෙන් අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ලවී ඇතැයි දෙමවිපියන් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාඋල – අඹන – වැල්ගාල ප්‍රදේශයේ දෙමව්පියන් කියා සිටියේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රින් 225ට වාහන ගෙන්වා ගැනීමට සැරසෙද්දි ඡන්දය ලබාදුන් දරුවන් දුරකතන සංඥා සොයා ලතවන බවයි.

වසර ගණනාවක් තිස්සේ සිය ප්‍රදේශයට පමණක් නොව නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ හැළඹගහවත්ත, බඹරගහවත්ත, පුබ්බිලිය, මුරුතෝලුව සහ මේල්පිටිය ආදී ගම්මානවල පාසල් දරුවන් දෙදහසකට වැඩි පිරිසක් දුරකතන සංඥා නොමැතිකමින් පීඩා විදින බවයි.

දිනපතා උදෑසන සිට රාත්‍රිය දක්වා Online හරහා උපකාරක පන්ති පැවැත්වෙන බවත් දිනපතා කිලෝමීටර් 4 ක පමණ දුරකින් පිහිටි වැල්ගාල කඳුමුදුන තරණය කර එහි මුදුනේ පිහිටි ජල ටැංකියට නැග තමන් අධ්‍යාපන හදාරණ බවත් එම ස්ථානයට ගිය අපට එහි සිටි පාසල් දරුවන් කියා සිටියා.

කඩිනමින් තමන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දුරකතන සංඥා කුළුණක් ලබාදෙන්නැයි ඔවුහු රජයෙන් ඉල්ලා සිටිනවා.

වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාවට නැංවීමට යෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වාහන ගෙන්වීම සම්බන්ධයෙන් ද මෙහිදි අදහස් පලවූ අතර, දරුවන්ගේ දෙමව්පියන් කියා සිටියේ වාහන ගෙන්වීමට වැයකරන මුදල්වලින් රටේ දරුන්ගේ දුරකතන සංඥා අවශ්‍යතාවන් සපුරාලීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.

You might also like
Comments
Loading...