කොවිඩ් 19 ආසාදිතයන් 2436 දෙනෙක් අද(16) දිනයේදී ද මෙරටින් වාර්තා වී තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඉන් ආසාදිතයන් 2419 දෙනෙක් දේශීය හඳුනාගෙන ඇති අතර සෙසු ආසාදිතයන් 17 දෙනා විදේශගතව සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිස් අතරින් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 230,692ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් ආසාදිතයන් 194,145 දෙනෙක් සුවය ලබා ඇති අතර ආසාදිතයන් 34,232 දෙදෙනක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඊයේ(15) දිනයේදී සිදු වූ මරණ 59ක් අද(16) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමත් සමගින් කොවිඩ් 19 ආසාදිතය මෙරට මියගිය සංඛ්‍යාව 2374ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව වන 2374 අතර කාන්තාවන් 990ක් වනවා.
මේ අතර කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට පුද්ගලයන් 2,350,564 දෙනෙක් ලබාගෙන ඇති අතර ඒ අතරින් පුද්ගලයන් 677,353 දෙනෙක් දෙවන මාත්‍රාවද ලබාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
අද(16) උදෑසන 10 පමණ වන විට රෝහල්ගත කර ඇති කොරෝනා රෝගීන් ලෙස සැක සහිත රෝගීන් සංඛ්‍යාව 1399ක් බවද වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
Hits: 1