ජනතාව පීඩාවට පත් නොවන අයුරින් සංවර්ධන කටයුතු සිදු කරනවා

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

0 49

සංවර්ධන කටයුතු සිදු කරනුයේ ජනතාවගේ පහසුව වෙනුවෙන් වන අතර සංවර්ධන කටයුතු සිදු කිරීමේදී ජනතාවට සවන්දීම හා ජනතාවගේ යෝජනා ලබාගැනීමට රජය කටයුතු කරන බැවින් ජනතාව පීඩාවට පත්වන සංවර්ධනයක් රට තුළ ක්‍රියාත්මක නොකරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසනවා. 

ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග හා ඒ පිළිබඳව දැනට සිදුකරගෙන යන සමාලෝචනයන්හි වත්මන් තත්ත්වය පිළිබඳව අමාත්‍යාංශයේ ඊයේ (18) පැවති සාකච්ජාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියා.

පසුගියදා ඇදහැලුනු අධික වර්ෂාව නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවීමට හේතුව මධ්‍යයම අධිවේගී මාර්ගය බව ජනතාව විසින් චෝදනා එල්ල කළා.

ඒ අනුව ජනතාහඬට ඇහුම්කන් දෙමින් අදාළ ගැටලුව පිළිබඳව සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

අදාළ සමාලෝචන වාර්තාව ලබන සදුදා දින අමාත්‍යාංශය වෙත ලැබීමට නියමිතයි.

ඇල මාර්ග හා ජලය බැස යන කාණු පද්ධති දීර්ඝ කාලයක් තිස්සේ පිරිසිදු නොකිරීම හා නිසි ලෙස නඩත්තු නොකිරීම  අදාළ ප්‍රදේශ ජලයෙන් යටවීමට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මධ්‍යම අධිවේගය ඉදිකිරීමේදී සේවා සැපයීම සඳහා තාවකාලිකව ඉදිකර ඇති ඇතැම් මාර්ග නිසි ජල බැසීමකින් තොරව ඉදිකර තිබීම මෙම තත්ත්වයන්ට යම් හේතුවක් වූ බව මූලිකව අනාවරණය වී තිබෙනවා.

මධ්‍යම අධිවේගය ඉදිකිරීම අවසන් වූ වහාම අදාළ සේවා මාර්ග ඉවත් කරන බැවින් ගම්පහ ප්‍රදේශය ජලයෙන් යටවීමට ඉදිරියේදී එය හේතුවක් නොවනු ඇති.

එමෙන්ම ඇල මාර්ග හා කාණු පද්ධති දීර්ඝ කාලයක් නිසි නඩත්තුවක් හා පිරිසිදු කිරීමක් කර නොමැති හෙයින් ඒවා පිරිසිදු කර නිසි ලෙස ජලය බැස යාමට කටයුතු සිදුකරීම සඳහා වන යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන්නැයි පහත්බිම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුවට හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස කියා සිටියා.

“අදාළ සමාලෝචනයන් සලකා බලා පවතින ගැටලුකාරී තත්ත්වන්ට විසදුම් ලබාදෙමින් ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම හා රථවාහන තදබදයන්ට විසදුම් ලබාදීම සඳහා කටයුතු කරනවා. ජනතාව පත්කළ, ජනතාවට ඇහුම්කන්දෙන රජයක් විදියට ජනතාව පීඩාවට පත් නොකොට, ජනතා අභිලාශයන් ඉටුකිරීම වත්මන් රජයේ අරමුණයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් මධ්‍යම අධිවේගය කඩිනමින් අවසන් කොට ජනතාව වෙත පවරාදීමට කටයුතු කරනවා.“ 

මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබිලිව්.ආර් පේමසිරි, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහත්වරු, ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ජනතාව පීඩාවට පත් නොවන අයුරින් සංවර්ධන කටයුතු සිදු කරනවා ජනතාව පීඩාවට පත් නොවන අයුරින් සංවර්ධන කටයුතු සිදු කරනවා ජනතාව පීඩාවට පත් නොවන අයුරින් සංවර්ධන කටයුතු සිදු කරනවා

 

Hits: 1

You might also like
Comments
Loading...