පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි

0 213

ලක්වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් සහ බැතියෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වනු ලබන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (24) යෙදී තිබෙනවා.

මෙරට ජන සමාජය සමාජ, සංස්කෘතික, ආගමික සහ අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා අද වැනි පොසොන් පොහෝ දිනක සිදු වූ ඓතිහාසික සුවිශේෂී සිදු වීම හේතු වූ බවයි සඳහන් වන්නේ.

දේවානම් පියතිස්ස රජ සමයේ සිදූ වූ අසිරිමත් මහින්දාගමනයෙන් අනුරාධපුරය, මිහින්තලය ආලෝකමත් වූවා පමණක් නොව ශ්‍රී ලාංකික ජනසමාජයම ආලෝකමත් වූවා.

එවක් පටන් බෞද්ධයෝ විසින් පොසොන් පුර පෝය දිනය ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවෙන් මිහිදු මහරහතන් වහන්සේ සිහි කෙරෙන අතර, පින් අනුමෝදම් කරමින්, සැදැහැවත් ජනතාව ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවේ නිරත වනවා.

කෙසේ වෙතත් රටේ උද්ගතව පවතින කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පසුගිය වර්ෂයේ මෙන්ම මෙවරද ආගමික ස්ථානවලට රැස්නොවන ලෙසට සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව තම නිවෙස්වල සිට මෙවරද පොසොන් පොහෝය දින ආගමික ප්‍රතිපදාවේ නියැලීමට බෞද්ධ ජනතාවට සිදුව තිබෙනවා.

Hits: 1

You might also like
Comments
Loading...