ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිට ප්‍රසිද්ධ නිළියකට ජංගම දුරකතනයෙන් කතාකර චිත්‍රපටියක රඟපෑමට තෝරාගත් බව පවසා ලිංගික ක්‍රියා පිළිබඳ ප්‍රශ්ණ කරමින් අසභ්‍ය සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට අනුබල දුන් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද මෙම සැකකරු, ජුලි 01 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමටයි ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය ඊයේ(23) නියෝග කර ඇත්තේ.
ඉකුත් 15 වන දින සිට 23 දක්වා කාලය තුල සැකකරුගේ ජංගම දුරකතන ඇමතුම් විශ්ලේෂණ වාර්තා පොලිසියට ලබාදෙන ලෙසටද මෙහිදි අතිරේක මහේස්ත්‍රාත්වරිය අදාළ දුරකතන සමාගම්වලට නියෝග කර තිබෙනවා.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ චිත්‍රපට සහකාර අධ්‍යක්ෂවරයෙකු බව කියන බෙන්තොට ගෝනගලපුර පදිංචි වත්තෝරු තන්ත්‍රිගේ රවින්ද්‍ර නමැති 46 හැවිරිදි සැකකරුවෙක්.
අදාළ නිළිය විසින් වරාය පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව ඉකුත් 15 වන දින දුරකතනයෙන් කතාකල අයෙකු තමා මහාචාර්ය සුනිල් ආරියරත්න බවත් චිත්‍රපටියක රඟපෑමට තෝරාගෙන ඇති බවත් ඒ සඳහා මිලියන දෙකක් ගෙවන බවත් පවසා තිබෙනවා.
පසුව ඇයට දුරකතනයෙන් කතා කල ඇති එම පුද්ගලයා ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ ඇයගෙන් විවිධ ප්‍රශ්න අසමින් අසභ්‍ය සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇති බව සඳහන්.
ඉන්පසුව ඇය 17 වන දින පොලිසියට පැමිණ මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව පරික්ෂණ පැවැත්වු පොලිසිය චිත්‍රපටි නිළියක්වු කාන්තාවකට චවනයෙන් ලිංගික හිරිහැර සහ ලිංගික ක්‍රියාවලිය පිළබද ප්‍රශ්ණ කර සම්මුඛ සාකච්ඡාවක් පවත්වා අන් අයෙකු ලෙස පෙනි සිට කුමන්ත්‍රණය කිරිම එයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් මෙම සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ මෙම සිද්ධිය දැනගත් පසු මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ද පැමිණ සැකකරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ප්‍රකාශයක් ලබාදුන් බවයි.
සියලු කරුණු සළකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරිය ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළා.
වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුමාර මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරික්ෂක රොහාන් ආලෝක සැරයන් නිශාන්ත(19900),කාන්තා සැරයන් වසන්ති (1362) යන මහත්ම මහත්මින් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර උප පොලිස් පරික්ෂක රොහාන් ආලෝක මහතා විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
Hits: 0