සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබූ නැවක ගින්නක්

0 35

කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා ලයිබීරියානු ධජය සහිතව යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා.

නාවික හමුදාව කියා සිටියේ අදාළ නෞකාවේ එන්ජින් කාමරයේ මෙලෙස ගින්න හටගෙන ඇත්තේ කිරින්ද මහා රාවණ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී බවයි.

අදාළ නෞකාව අසලින් ගමන් ගන්නා නෞකාවලට මේ සම්බන්ධයෙන් දැනුම්දී ගින්න නිවීම සඳහා සහයෝගය ලබාදෙන ලෙසට ඉල්ලා ඇති බවද නාවික හමුදාව පවසනවා.

මෙලෙස ඊයේ (24) රාත්‍රියේදී එන්ජින් කාමරයේ ගින්නක් හටගෙන ඇත්තේ MSC MESSINA නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.

Hits: 0

You might also like
Comments
Loading...