බදුල්ල, කළුතර, මන්නාරම, යාපනය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් සහ ප්‍රදේශ 10කක් අද(25) පෙරවරු 6.00 සිට අලුතින් හුදකලා කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
එසේම කොළඹ දිස්ත්‍රික්කයේ මීට පෙර හුදකලා කර තිබූ ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා බවින් නිදහස් කර තිබෙනවා.
එලෙස අලුතින් හුදකලා ප්‍රදේශයන් සහ ග්‍රාම නිලධාරී වසම් වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ පොලිස් බලප්‍රදේශයට අයත් හුලංකපොල්ල ග්‍රාම නිලධාරී වසම, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම පොලිස් බලප්‍රදේශයට අයත් යටදොළ ග්‍රාම නිලධාරී වසමේ අඹේතැන්න වත්ත ප්‍රධාන කොටස සහ එම ග්‍රාම සේවා වසමේම අඹේතැන්න වත්ත ක්ලේ කොටස හුදකලා කර තිබෙනවා.
එසේම මන්නාරම දිස්ත්‍රික්කයේ තලෙයිමන්නාරම පොලිස් බලප්‍රදේශයට අයත් තලෙයිමන්නාරම ජැටිය බටහිර ග්‍රාම නිලධාරී වසම සහ තලෙයිමන්නාරම ජැටිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කර ඇති අතර යාපනය දිස්ත්‍රික්කයේ කරවෙඩ්ඩි පොලිස් බලප්‍රදේශයේ කරණවායි ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කර තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයට අයත් පොත්තකන්ද ග්‍රාම නිලධාරී වසමේ නොරගල්ල වත්ත ඉහළ කොටස, පනාවැන්න ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක 01 කොටස සහ අංක 05 කොටස, කපුහේන්තොට ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක 05 කොටසද හුදකලා කර තිබෙනවා.
එසේම කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රැන්ඩ්පාස් පොලිස් බලප්‍රදේශයට අයත් 233 වත්ත සහ මහවත්ත පාර යන ප්‍රදේශ හුදකලා බවින් නිදහස් කර තිබෙනවා.
Hits: 1