නාඋල – අඹන කොවිඩ් රෝහලේ රෝගීන්ට ලබාදුන් ආහාරවල පණුවන් සිටිමේ සිද්ධියට සම්බන්ධ ආහාර සැපයු ටෙන්ඩරය වහාම ක්‍රියාත්මක වන පරිදි අවංගු කළ බව මාතලේ කෝවිඩ් මර්ධන කමිටුවේ සම්බන්ධිකාරක මේජර් ජෙනරාල් නිශාන්න මානගේ මහතා පවසනවා.
අඹන රෝහලේ ප්‍රතිකාර ලබන කෝවිඩ් රෝගීන් සඳහා ඊයේ (24) දින ලබාදී ඇති ආහාරවල පණුවන් සිටින බවට ලද තොරතුරකට අනුව සිදුකල පරික්ෂණයක දී අනාවරණය කරගත් තොරතුරුවලට අනුව රෝහලට සපයන ලද ආහාරවල සාම්පල පරික්ෂාවක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි අප කළ විමසීමක දී මේජර් ජනරාල් නිශාන්න මානගේ මහතා කියා සිටියේ.
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි මෙම පියවරගත් බවත්, ප්‍රතිකාර ලබන රෝගීන් සදහා සෞඛ්‍යාරාක්ෂිත ආහාර වේලක් ලබාදීම සම්බන්ධයෙන් අවශ්‍ය විධිවිධාන මේ වන විට ක්‍රියාවට නංවා ඇති බව ද මානගේ මහතා වැඩිදුරටත් කියා සිටියා.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන මාතලේ කෝවිඩ් මර්ධන කමිටුවේ සම්බන්ධිකාරක මේජර් ජෙනරාල් නිශාන්න මානගේ මහතා.
Hits: 4