කොස්ලන්ද, දිවුල්ගස්සමුල්ල ඉහල කොටස ප්‍රදේශයේ දී සිදු කළ වනඅලි පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
ගම්මිරිස් වගාවන්වලට අවශ්‍ය ලී කැපීම සඳහා අසල ඇති කන්දක් සහිත ස්ථානයකට තවත් පිරිසක් සමග ගිය පුද්ගලයකු මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක් වී තිබෙනවා.
ලී කැපීම සඳහා ගිය මෙම පුද්ගලයන් පසුපස වනඅලියෙකු ලුහුබැඳ ඇති අතර එම අවස්ථාවේ දී මෙම පුද්ගලයා වනඅලියා විසින් ඝාතනය කර ඇත.
අනෙක් පුද්ගලයන් දිවගොස් දිවි බේරාගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ දිවුල්ගස්සමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනස් හයක් පමණ වන පුද්ගලයකි.
මෙම ප්‍රදේශය ආශ්‍රීතව දීර්ඝ කාලයක සිට වනඅලි තර්ජනය උග්‍ර ලෙස පවතින අතර මෙම ගැටලුවට කඩිනමින් විසදුමක් ලදෙන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරින්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
Hits: 1