කෙසෙල්ගමුඔයට කසල තේ එක් කරයි – ඔය කළු පැහැයෙන් ගලා බසියි

රංජිත් රාජපක්ෂ - හැටන්

0 48

බගවන්තලාව ප්‍රදේශයේ සිට ප්‍රධාන වශයෙන් කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයට තේ කර්මාන්ත ශාලාවලින් ඉවතලන කසල තේ එක් කිරිම නිසා කෙසෙල්ගමුඔයේ ජලය කළු පැහැයෙන් අද (25) දින ගලා බසින ආකාරය දැක ගැනීමට  හැකියාව ලැබී තිබෙනවා.

නොර්වුඩ් සිට බගවන්තලාව දක්වා කෙසෙල්ගමුඔ දෙපස තේ කර්මාන්ත ශාලාවලින් ඉවතලන කසල තේ, කර්මාන්ත ශාලාවේ සිට ජලයේ දියකර ඉතා සුක්ෂම ලෙස තේ කර්මාන්ත ශාලා හරහා කෙසෙල්ගමුඔයට ජලය ගලා බසින ඇල පහරකට මුදා හැර ඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

කසල තේ කෙසෙල්ගමුඔයට මුදා හැරිම නිසා විශාල පරිසර හානියක් සිදු වි ඇති අතර, ජලය කළු පැහැයෙන් ගලා බැසිම නිසා කෙසෙල්ගමුඔයේ වෙසෙන මත්ස්‍යයින්ට දැඩි බලපැමක් එල්ල වි ඇති බවත්, ජලය කළු පැහැයෙන් ගලා බැසිම නිසා ගගේ ජලය දෛනික කටයුතුවලට ප්‍රයොජනයට ගැනිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවයි කෙසෙල්ගමුඔය දෙපස පදිංචිකරුවන් පවසන්නේ.

Hits: 1

You might also like
Comments
Loading...