වටවලින් නව ආසාදිතයන් 19ක් – ආසාදිතයන් වැඩි පිරිසක් එකම පවුලේ සාමාජිකයන්

රංජිත් රාජපක්ෂ -  හැටන්

0 51

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නව ආසාදිතයන් 19 දෙනෙකු වටවල පොලිස් බල ප්‍රදේශයෙන් ඊයේ (24) දිනයේදී හදුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු කියා සිටියා.

වටවල ප්‍රදේශයෙන් හමු වූ පෙර අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ අනුව නව අසාදිතයන් 19 හදුනාගත් බවත්,  එම ආසාදිතයන් වටවල කුයිල්වත්ත, වැලිඔය, දියගල සහ අග්‍රාඔය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, එම ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් එකම පවුලේ සාමාජිකයන් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

වටවල ප්‍රදේශයෙන් හමු වු නව අසාදිතයන්19 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමටත්, ආසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට පියවර ගත් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියා.

Hits: 1

You might also like
Comments
Loading...