නාවලපිටිය ප්‍රදේශයට හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටි ප්‍රධාන ජාවාරම්කරුවෙකු අද (28) දින සැකපිට අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා පවසනවා.
සැකකරු නාවලපිටිය වැලිගම්පොල ප්‍රදේශයේ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටින බවට නාවලපිටිය පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කරන ලද ක්ෂණික වැටලිමකින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රැම් 2530 ක් තිබි හමු වු බවත්, සැකකරු නාවලපිටිය වැලිගම්පොල ප්‍රදේශයේම පදිංචි අවු 28 හැවිරිදි තරුණයෙක් බවයි නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
Hits: 2