ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත තවත් අයෙක් කහතුඩුවෙන් හමුවෙයි

0 154

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත තවත් පුද්ගලයකු කහතුඩුව ජයලියගම ප්‍රදේශයෙන් හඳුනාගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා පවසනවා.

කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරීම් ආයතනයක සේවයේ නියුක්ත 47 හැවිරිදි අයෙකුට මෙලෙස ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

අදාළ රෝගී පුද්ගලයා පොළොන්නරුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර ඇති අතර ඔහුගේ මව, බිරිඳ සහ පුතා නිරෝධායනයට ලක් කර තිබෙනවා.

එසේම කහතුඩුව ජයලියගම පාර ප්‍රදේශයට සංචරණ සිමා පැනවීමටද පියවර ගෙන ඇති අතර ප්‍රදේශයේ පවුල් 50ක පමණ සාමාජිකයන් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

අදාළ ප්‍රදේශවාසීන් පසුගිය කාල සීමාව තුළ රෝගී පුද්ගලයා සමග එතරම් සමීප සම්බන්ධතා පවත්වා නොමැති බව කරන ලද නිරීක්ෂණවලින් අනාවරණ වී ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසනවා.

එසේම එම ප්‍රදේශයේ හදිසි PCR පරීක්ෂණ 100ක් සිදු කිරීමටද වසංගත රෝග විද්‍යා ඒකකයෙන් උපදෙස් ලැබී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Hits: 0

You might also like
Comments
Loading...