ධනුෂ්කට කුසල්ට සහ දික්වැල්ලට ලැබුණු දඬුවම [වීඩියෝ සහිතයි]

0 58

එංගලන්තයේ ක්‍රිකට් සංචාරය සඳහා එක්ව සිටින අතරතුර ඊයේ (27) රාත්‍රී කාලයේ ඩරම් ප්‍රදේශයේ සැරිසැරූ බවට චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් තිදෙනාට එරෙහිව දැඩි තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබෙනවා.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන්ට එරෙහිව තාවකාලික තහනමක් පැනවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

එසේම එම ක්‍රීඩකයින්ව නැවත මෙරටට කැඳවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ නිමවෙන තෙක් අදාළ තාවකාලික ක්‍රිකට් තහනම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වනවා.

අදාළ ක්‍රීඩකයින් තිදෙනා තරග සංචාරයට එක්ව සිටින අතරතුර ඊයේ(27) දිනයේ එංගලන්තයේ ඩරම්හි සැරිසරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයට නිකුත් වී තිබෙනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එංගලන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවවලිය ජෛව ආරක්ෂිත බුබුලකට යටත්ව පැවැත්වෙන අතර එම ක්‍රීඩකයින් තිදෙනා අදාළ රීති උල්ලංඝනය කර ඇත්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු කෙරුණා.

අදාළ වීඩියෝව පහතින් දැක්වේ.

 

Hits: 1

You might also like
Comments
Loading...