ජාතික පුරාවිද්‍යා දිනය අදයි

0 94

131 වෙනි ජාතික පුරා විද්‍යා දිනය අදට(07) යෙදී තිබෙනවා. 

ඒ නිමිත්තෙන් පවත්වන ජාතික සැමරුම් උත්සවය අද(07) පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක යන මහත්වරුන්ගේ සහ මැති ඇමැතිවරුන්, පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග සහ පුරා විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි. 

ශ්‍රී ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස්වරයා වන එච්.සී.පී. බෙල් මහතා විසින් අනුරාධපුරයේදී ශ්‍රී ලංකාවේ මුල්ම කැනීම සිදුකරනු ලැබීම සනිටුහන් කරමින් ජූලි මස 7 වැනිදා ජාතික පුරාවිද්‍යා දිනය ලෙසින් නම් කර තිබෙනවා. 

 

Hits: 0

You might also like
Comments
Loading...