15 හැවිරිදි දැරිය අපයෝජනය කළැයි නාවික හමුදා වෛද්‍යවරයා 9 දා තෙක් රිමාන්ඩ්

0 40

අන්තර්ජාලය ඔස්සේ පහළොස් හැවිරිදි දැරියක අපයෝජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වැලිසර නාවික හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍ය ලුතිනන් කොමාන්ඩර්වරයා ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (06) නියෝග කළා. 

වැලිසර නාවික හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍ය ලුතිනන් කොමාන්ඩර් වෛද්‍ය දිමුතු ද සිල්වා නමැත්තා මෙලෙස මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම සැකකරු දැරිය හෝටලය වෙත රැගෙන ගිය බවට අධිකරණය හමුවේ පිළිගත් අතර නමුත් දැරිය කුඩා බව හැගී ගිය හෙයින් ලිංගික ක්‍රියාකාරකම් නොකළ බවත් මේ සම්බන්ධයෙන් තමා මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමට කැමති බවත් සැකකරු නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරණය හමුවේ ඉල්ලා තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බවට නීතිඥවරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

සැකකරු විසින් බම්බලපිටිය ප්‍රදේශයේ දි දැරිය කාර් රථයට නංවා දෙහිවල හෝටලයට ගෙනගොස් කෝපි පානය කරන අතරතුර දි මෙම දැරිය කුඩා බව හැගී ගියේ නැතිද යන්න පිළිබඳව සැකසහිත බව කාන්තා හා ලමා කාර්යාංශය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

Hits: 0

You might also like
Comments
Loading...