චාවකච්චේරියේ ඉඩමකින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි

මාධව කුලසූරිය - වවුනියාව

0 28

යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේ ඉඩමක තිබි පුපුරා නොගිය පතුරම් තොගයක් හා අත්බෝම්බයක් ඊයේ(06) සොයාගත් බව යාපනය චාවකච්චේරි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ කලක් අතහැර දමා තිබු ඉඩමක් පිරිසිදු කිරීමේදී අදාළ පුපුරණ ද්‍රව්‍ය දැක ඇති බවයි.

ඉඩම් හිමිකරු සිදුකරන ලද දැනුවත් කිරීමක් මත පැරණි තත්ත්වයේ පවතින අදාළ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

පුපුරා නොගිය පතුරම් කිහිපයක් හා අත්බෝම්බයක් අදාළ ස්ථානයේ තිබි සොයාගත් අතර, යාපනය චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Hits: 1

You might also like
Comments
Loading...