කතරගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 52ක් පමණ වූ පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ පෞද්ගලික ආරවුලක් මුල් කර ගනිමින් අදාළ වෙඩි තැබීම ඊයේ(06) රාත්‍රී සිදුව ඇති බවයි.
අදාළ වෙඩි තැබීම සිදු කළ බවට සැක කරන පුද්ගලයා හඳුනාගෙන ඇති බවත් ඔහු මේ වන විට කැලය තුළට ගොස් සැඟව ඇති බවත් වාර්තා වනවා.
මියගිය පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද දිනයේදී සිදු කිරීමට නියමිත අතර සැකකරු සොයා කතරගම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.
Hits: 0