ස්පුට්නික් V තවත් එන්නත් මාත්‍රා 50000ක් දිවයිනට

0 28

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V තවත් එන්නත් මාත්‍රා 50,000ක් අද (07) අලුයම දිවයිනට රැගෙනවිත් ඇති තිබෙනවා. 

රුසියාවේ ගැමලයා වෛද්‍ය නිෂ්පාදනාගාරයේ සිට රැගෙන ආ මෙම එන්නත් මාත්‍රා 50,000 කටුනායක ගුවන්තොටුපොළේ දී ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කොළඹ නගර සීමාවේ සිටින ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම අද(07) දිනයේ සිට ආරම්භ කෙරෙනවා.

ෆයිසර් එන්නත දෙවන මාත්‍රාව ලෙස ලබාගැනීමට කිසිදු බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ.

 

Hits: 0

You might also like
Comments
Loading...