සහරාන්ගේ අන්තවාදී පන්තිවලට ගිය තවත් අයෙක් අල්ලයි

0 32

පාස්කු ප්‍රහාරයේ ඝාතකයෙකු වන සහරාන් හෂීම්ගේ අන්තවාදී පන්තිවලට සහභාගී වු තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සැකකරු මොහොමඩ් සලීම් නම් අයෙකු බවයි පොලිසිය සඳහන් කලේ.

මොහු ඔන්ලයින් ක්‍රමයට රෙදිපිළි වෙළඳාමෙහි නිරත වන අයෙකු බවද අනාවරණය වී තිබෙනවා.

ත්‍රස්තවාදය වැළක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ තබා ගනිමින් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

මෙවැනි අන්තවාදී පන්තිවලට සහභාගී වූ 13 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වනවිට රැඳවුම් භාරයේයි පසුවන්නේ.

පොලිසිය සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන මෙහෙය වනු ලබනවා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.

Hits: 0

You might also like
Comments
Loading...