ඩෙල්ටා අභිබවමින් ලැම්බ්ඩා පෙරමුණට

0 96

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට වඩා මාරාන්තික “ලැම්ඩා” නැමැති ප්‍රභේදය ලොව රටවල් 30 ක පැතිරී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

පේරු රාජ්‍යයෙන් මෙම අවදානම් සහගත ප්‍රභේදය මුල් වරට හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එය සති හතරක කාලයක් තුළදී ලොව පුරා රටවල් 30ක පැතිරී ගොස් ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මැලේසියානු සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ ඉන්දියාවේදී සොයා ගනු ලැබූ ඩෙල්ටා ප්‍රභේදයට වඩා කොරෝනා වෛරසයේ ලැම්බ්ඩා ප්‍රභේදය මරාන්තික බවයි.

පේරු රාජ්‍යයෙන් ආරම්භය වාර්තා වන මෙම ප්‍රභේදයේ ආසාදිතයන එක්සත් රාජධානියේද අනාවරණය වී ඇති බවට ඕස්ට්‍රේලියානු ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන news.com.au වාර්තා කරනවා.

එසේම පෑන් අමෙරිකානු සෞඛ්‍ය සංවිධානය (PAHO) උපුටා දක්වමින් යුරෝ නිව්ස් වාර්තා කර තිබෙන්නේ පසුගිය මැයි සහ ජුනි මාසයලදී පේරු රාජ්‍යයෙන් වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිත සිද්ධි සාම්පලවලින් 82%කට ආසන්න සංඛ්‍යාවක් ලැම්බ්ඩා ප්‍රභේදය ආසාදිතයන් බවට වාර්තා ව ඇති බවයි.

එසේම චිලී හි මැයි සහ ජුනි මාසවල වාර්තා වූ සාම්පලවලින් 31ක් වැඩි ප්‍රමාණයක්ද මෙම නව ප්‍රභේදය බවට යුරෝ නිවුස් වාර්තා කරනවා.

 

Source : 1 2 3

Hits: 1

You might also like
Comments
Loading...