සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න පොලිස් අත්අඩංගුවට

0 39

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු බෝගහකුඹුර පොලිසිය වෙත පැමිණ භාරවීමෙන් පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සෞඛ්‍ය නීතිරීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙනි.

පසුගිය ජුලි 01 වැනිදා බෝගහකුඹුර, බොරලන්න නගරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද පොලිස් විමර්ශනවලට අදාළව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය කියා සිටියේ අදාළ සැකකරුවන් වැලිමඩ අධිකරණයට අද(07) ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.

 

Hits: 0

You might also like
Comments
Loading...