දැවැන්ත තොරතුරු තාක්‍ෂණ සමාගමක් හැකර්වරුන්ගේ ග්‍රහණයට

0 36

පෞද්ගලික සමාගම් රැසක වෙබ් අඩවිවලට රහසේ ඇතුළු වූ හැකර්වරුන් කණ්ඩායමක් ඒවායේ තොරතුරු තමුන් යටතට ගෙන ඒවා නැවත නිදහස් කිරීම සඳහා විශාල කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධියක් පිළිබඳව වාර්තා වෙයි.

මෙම හැකර්වරුන්ගේ කණ්ඩායම හැඳින්වෙන්නේ REvil යන නමිනි. ඔවුන් මුලින් ම ඉලක්ක කර තිබුණේ කසෙයා (Keseya) නමැති ඇමරිකානු තොරතුරු තාක්‍ෂණ සමාගමකි.

හැකර්වරුන් කප්පම් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 70ක (ලංකා රුපියල් කෝටි 1,400ක පමණ) මුදලක් ඉල්ලා ඇති බව සඳහන්ය.

කසෙයා සමාගම ඉලක්ක කිරීමත් සමග එම තොරතුරු තාක්‍ෂණ සමාගමේ සේවය ලබාගත් තවත් සමාගම් සහ ආයතන රැසක්ද හැකර්වරුන්ගේ ගොදුරු බවට පත්ව තිබේ.

ස්වීඩනයේ සුපිරි වෙළෙඳසල් 500ක් පමණද, නවසීලන්තයේ පාසල් 11ක් පමණද, නෙදර්ලන්තයේ තොරතුරු තාක්‍ෂණ ආයතන 2ක්ද ඔවුන්ගේ ප්‍රහාරයට ලක්ව ඇතැයි මාධ්‍ය සඳහන් කර තිබිණි. කෙසේ වෙතත් ප්‍රහාරයට ලක් වූ සමස්ත පරිගණක පද්ධති සංඛ්‍යාව තවමත් නිශ්චිතව අනාවරණය වී නොමැත. ඉහත කී REvil කණ්ඩායම පවසන්නේ පද්ධති මිලියනයක් පමණ තම ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

Hits: 2

You might also like
Comments
Loading...