බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ගැසට් කෙරේ

0 30

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩුව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අද පෙරවරුවේ රැස්වූ මැතිවරණ කොමිසම විසින් බැසිල් රාජපක්ෂ මහතාගේ නම ට අනුමැතිය දුන් බවයි එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කලේ.

ඒ අනුව එම ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යවනු ලැබු අතර එය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි. 

බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ගැසට් කෙරේ බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ගැසට් කෙරේ

 

Hits: 2

You might also like
Comments
Loading...